Published
“ගනේමුල්ල සංජීව” ඝාතන සිද්ධියේ සැකකාරියක් වන නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්රියේ මෙරටට රැගෙන එනු ලැබූ ඉෂාරා සෙව්වන්දි ඉදිරි විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව ඊයේ රාත්රියේ ඇය එම කොට්ඨාසය වෙත රැගෙන ආ බවයි පොලිසිය පැවසුවේ.
පසුගිය 13 වනදා නේපාලයේදී අත්අඩංගුවට ගැනුණු ඉෂාරා සෙව්වන්දි ඇතුලු සැකකරුවන් හයදෙනා ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ රාත්රියේ රැගෙන එනු ලැබුවා.
අනතුරුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ අතර අනෙකුත් සැකකරුවන් ඔවුන්ට අදාල විමර්ශන සිදු කෙරෙන පොලිස් ස්ථාන වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.


