බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද පස්වරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදයක දැක්වෙනවා.

මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ආදි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.