Published
මාලදිවයින් පාසල් සිසුන් සඳහා ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් දැඩි නීතිරීති මාලාවක් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම නව නීති ඉදිරි අධ්‍යයන වර්ෂයේ සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී ඇත්තේ.
එරට හුල්හුමාලේ හි පැවැති ප්‍රජා හමුවකදීයි ජනාධිපතිවරයා මේ බව දැනුම් දී තිබෙනෙනේ.
නව නීතිරීති යටතේ 10 ශ්‍රේණිය සහ ඊට පහළ ශ්‍රේණිවල සිසුන්ට පාසලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්.
මීට පෙර ද මෙම නීතිය පැවතුනත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
11 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට පාසලට ජංගම දුරකථන රැගෙන ආ හැකි නමුත්, පන්ති පැවැත්වෙන කාලය තුළ ඒවා තම ලාච්චු තුළ තැබිය යුතුයි.
මෙම නව පියවර මගින් පාසල් පද්ධතිය තුළ විනය පවත්වා ගැනීම සහ අනවශ්‍ය ගැටලු අවම කිරීම රජයේ අරමුණයි.




