නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සමගි ජන බලවේගය එක් කර ගැනීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම රැළියට සහභාගී වීම සඳහා මුල් අවස්ථාවේ පැවති සාකච්ඡාවලට සමගි ජන බලවේගයේ නියෝජිතයින්ද එක්වූ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර 21 වනදා පැවැත්වෙන එම රැළියට සිය පක්ෂය සහභාගී නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.