Published
ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා අමෙරිකාව විසින් පැනවූ සියයට 30ක තීරු බද්ද මෙරට අපනයන ක්ෂේත්රයට කෙලෙස බලපෑ හැකිද යන්න තරගකාරී සෙසු රටවල්වලට පනවා ඇති බදු අනුපාත සමඟ විශ්ලේෂණය කර බැලිය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.
දැනට බදු අනුපාත ප්‍රකාශයට පත්කර ඇති රටවල් සමග සසඳන විට ශ්‍රී ලංකාවට පනවා ඇති බද්ද සම්බන්ධයෙන් යම් ධනාත්මක තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.