අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළේ සැකකාරී රුපියල් ලක්ෂ 05ක ශරීරයක් මත මුදා හැරීමටයි.
කෙසෙල්වත්ත පොලීසිය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කෙසේවෙතත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාල අනෙක් නඩුකරය අද දහවල් කැඳවනු ලැබුවා..
ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කර සිටියේ.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනතාවරයාගේ නියෝගය පරිදි වාචිකව කරුණු දැක්වීමක් සිදු නොකරන බවයි.
ඒ අනුව මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ඇප මත මුදාහැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වන දා කැඳවන ලෙස නියම කළා.