ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන විදේශීය නෞකාවලින් විශේෂ ගාස්තුවක් අය කිරීමට ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඉරානය පවසන්නේ තමන් සපයන නාවික සහ ආරක්ෂක සේවාවන් වෙනුවෙන් මෙම ගාස්තු අය කරන බවයි.
මේ අතර, පනවා ඇති නව සීමා උල්ලංඝනය කරන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය තහනම් කලාපයක් කරන බවටද ඉරාන බලධාරීන් රතු එළියක් දල්වා තිබෙනවා.
ඇමෙරිකාව තමන්ට එරෙහිව දියත් කර ඇති ආර්ථික සම්බාධක හමුවේ පසුබැසීමට සූදානම් නැති බව පවසන ඉරාන ආරක්ෂක ප්‍රධානීන් අවධාරණය කරන්නේ, ඇමෙරිකාවේ ආර්ථික යුද්ධයට සහය දෙන ඕනෑම රටක් තමන් සලකන්නේ ”සතුරෙකු” ලෙස බවයි.
ඇමෙරිකානු පීඩනය හමුවේ පර්සියානු කලාපයෙන් සිදුවන සමස්ත තෙල් අපනයනයම එකපාරටම අත්හිටුවන බවටද ඉරානය තර්ජනය කර සිටිනවා.
එහෙත් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් පවසන්නේ, මිත්‍ර පාක්ෂික රටවලද සහය ඇතිව ඉරානයට එරෙහි සටන ඉදිරියේදී වඩාත් තදින් ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, ගාසා තීරයේ සරණාගත කඳවුරු ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන මාරාන්තික ප්‍රහාර තවදුරටත් තීව්ර කර ඇති අතර, ගාසා තීරය නැවත කිසිදිනෙක පැවති තත්ත්වයට පත් වීමට ඉඩ නොදෙන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සපථ කර සිටිනවා.




