Published
                
                 
                
            ඉදිරියේදී තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන බන්ධනාගාර කිහිපයකම, ප්‍රධාන ජේලර්වරුන් ස්ථාන මාරු කිරීමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව වාර්තා වු ණා.
මේ අතර බන්ධනාගාර අධිකාරීවරුන් 16 දෙනෙකු පසුගිය දෙවනදා ස්ථාන මාරු කෙරුණා.




