අමෙරිකාව විසින් යුක්‍රේනයට පේටි්‍රයට් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු යුධ අවි සැපයීම නැවත ආරම්භ කර ඇති බව යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙස පේටි්‍රයට් බැටරි හඳුන්වා ඇති බවයි වාර්තා වන්නේ.

කියෙව් වෙත ඇතැම් යුධ අවි බෙදා හැරීම නැවැත්වීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙලෙස යථාතත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නේටෝ සංවිධානය හරහා යුක්රේනයට පේටි්‍රයට් ගුවන් ආරක්ෂක පද්ධති යැවීම සඳහා අමෙරිකාව විසින් ගිවිසුමක් ඇති කර ගත් බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසා තිබෙනවා.

යුක්‍රේනයට එරෙහි රුසියාවේ ගුවන් ප්‍රහාරවල වැඩිවීමක් සිදු වී ඇති බැවින් එම තීරණය ගෙන ඇති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.

රුසියාව විසින් මේවන විට යුක්‍රේන නගරවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති අතර එමගින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුව තිබෙනවා.