දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මේ හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.

මේ අතර, උල්හිටිය ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් තප්පරයට ඝණ මීටර් 120ක ජල ධාරිතාවක් එම වාන් දොරටු හරහා පහළ ප්‍රදේශවලට ගලා යන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පහළ රත්කිඳ ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බවයි බව මාපාකඩ කාර්යභාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළා.