වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ත්‍රස්තාවදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

සියලු පුද්ගලයින් රටේ පවතින නීතිය හමුවේ එක සමාන බවත්, වරදක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

කෙසේ වෙතත් නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරනවායැයි පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව මේ වනවිට එය දේශපාලනීකරණය කරමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ී්ඨ්ඍ් 01*

මෙරටට බාල ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ද වගකිව යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.