පයාගල, කොස්හේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔහු කොස්හේන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් "කුඩු සලිඳු"ගේ පාර්ශවය විසින් "පානදුරේ නිලංග" නම් පුද්ගලයාගේ  "ඩිලා" නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වුණේ.

වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.