පවතින වියලි කාලගුණය තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක පවුල් 25,563කට අයත් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනංසූරිය මහතා පැවසුවේ ඔවුන් සඳහා දෛනිකව ලබාදෙන ජල ලීටර් හයක ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බවයි.