මොරටුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරක් මත මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

එහිදී ඇය සන්තකයේ තිබී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 10ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් ඇයගේ නිවසේ තිබී සොයා ගත් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක්, රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 25ක්, රුපියල් 1,000 නෝට්ටු 08ක්, රුපියල් 100 නොට්ටුවක් සහ රුපියල් 20 නෝට්ටු 02ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.