“කොන්ද නමාගෙන – හැරමිටි ගහගෙන – ඉබි ගමනින් එන්නේ” මේ කුඩා කළ සිට ආච්චි ගැන කියවුණු අප රසවිඳින ගීතයක්.

එහෙත් වයෝවෘද්ධ වන විට මෙලෙස කාන්තාවන්ගේ සිරුර වෙනස් වන්නේ ඇයි? ඊට ආර්තවහරණය බලපාන බව ඔබ දැන සිටියාද? වඩා වැදගත් වන්නේ ආර්තවහරණය හේතුවෙන් කාන්තාවන්ට මේ වන විට තවත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබීමයි.

මේ වන විට කාත්තාවන්ගේ ආයු කාලය අවුරුදු 80ක් දක්වා වැඩි වී තිබෙනවා.

වඩා වැදගත් තවත් කාරණයක් වන්නේ මේ වන විට ආර්තවහරණයත් සමග ඇතිවන විවිධ ගැටලු සමග කාත්තාවන්ට වසර 30ක් පමණ ජීවත් වීමට සිදු වීමයි.

ඒ, ආර්තවහරණ සංගමයේ හිටපු සභාපති සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය, විශේෂඥ කායික රෝග වෛද්‍ය පියුෂා මිලානි අතපත්තු මහත්මිය.

ආර්තවහරණයත් සමග කාන්තාවන්ට ඇති විය හැකි රෝගී තත්ත්වයන් මොනවාද?

වයෝවෘධ වන විට කාන්තාවන්ට ඇති වන අස්ථි රෝගවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද ආර්තවහරණයයි.