Published
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ "ආදරය" වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්වුනා.
මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4කදී දහසකට වැඩි දරුවන් ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දෙනු ලැබුවා.
එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ මෙසේ ආපදාවට ලක්වූ අනෙකුත් දිස්ත්‍රික්කවලද සිදු කරන බවයි
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගි කරගෙන මෙම "ආදරය " වැඩසටහන දියත් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පවසා සිටියා.
මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලීමක්ද කර නු ලැබුවා.



