Published
අමෙරිකා එක්සත් ජනපදය සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අමෙරිකාව සමග මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 44 සිට සියයට 30 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.