Published
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය සහ දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය කරුණු දැක්වුවා.




