Published
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට වැලිගම දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
මාතර සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය ඊයේ පස්වරු 2යි 5ට පමණ කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතරදී පිලි පැනීමකට ලක් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
දුම්රිය කාර්ය මණ්ඩලය එම දුම්රිය යළි පිළිගත කළද යළිත් එම ස්ථානයේදීම එම දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
එම දුම්රිය යළි පීළිගත කිරීම මේ වනවිට සිදුවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ අනුව එම කටයුතු අවසන් වන තෙක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට වැලිගම දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.




