ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා.

ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්වවිද්‍යාලය වසා දැමුණේ පසුගිය 2 වනදායි.

මේ අතර වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් පුද්ගලයන් 47 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන එකකය පැවසුවේ.