තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය මෙවරත් පැවැත්වුණා.

එය මෙවර සංවිධාන කර තිබුණේ තෙවන වරටයි.

තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කළ්‍යාණි ගොඩකන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ දිනයේ පැවැත්වුණේ කලාප කාර්යාල පරිශ්‍රයේදියි.

ඊට අධ්‍යක්‍ෂවරුන්, එම කලාපයට අයත් පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පොසොන් බැති ගී සරණියට සමගාමීව කඩල දන්සලක්, බෙලිමල් දන්සලක් හා ගැබිනි මව්වරුන් පිරිසකට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමක්ද සිදු වුණා.