මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණි ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියම කළා.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇපද නියම කරනු ලැබුවා.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔවුන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තහනම් බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.
මෙම පැමිණිල්ලද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සී.සී.ටී.වී දර්ශනවල ඩී.වී.ආර් යන්ත්‍රය වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවද්‍යාලය වෙත යොමු කර තිබෙන බවයි.
දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව අප්‍රේල් මස 09 වනදා සිට මැයි මස 29 වන දක්වා කාලසීමාවට අදාළ යන්ත්‍රයේ දත්ත මකා තිබෙන බවට කරුණු අරාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාළව මූල්‍ය ආයතන කිහිපයකින් සහ නිලධාරීන් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් ඔවුන් කියා සිටියා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් සහ අනුජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් මුදා හැරීමට නියම කළ අතර නඩුව නැවත නොවැම්බර් මස 28 වන දා කැඳවන ලෙසත් නියම කළා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩිලාන් නුවන් කුමාර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ කළමනාකාර සහකාර ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරු සමන්ත පෙරේරා යන අය මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කළා.