Published
ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘ රී බිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් එම අරමුදලට පරිත්‍යාග කරන ලද මුළු මුදල රුපියල් රුපියල් තිස් හත් කෝටි විසිහත් ලක්ෂ හැත්තෑ හය දහස් නවසිය දහඅටයි ශත විසි අටක්.
ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් එම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදි භාරදී තිබෙනවා.




