Published
කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන වෙබ් පිටුවක් සකසා ජනතාවගේ තොරතුරු ලබාගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අද වනවිට ලක්ෂ 55කට ආසන්න පිරිසක් QR කේතය ලබාගෙන ඇති බවයි.
මෙලෙස ජනතාවගේ දත්ත එකතු කිරීමට මෙන්ම වාහනවල චැසි අංක දත්ත ලබා ගැනීමට දැනටමත් වෙබ් අඩවි පහත් හයත් අතර ව්‍යාජ අඩවි ප්‍රමාණයක් ඇතැයි අනාවරණය වී ඇති බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසනවා.
ඔහු අවධාරණය කලේ තමන් QR කේතය ලබා ගන්නා වෙබ් පිටුව නිවැරදිද යන්න තහවුරු කරගෙන ඊට අදාල දත්ත ලබා දෙන ලෙසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.




