Published
ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් වෙන් කෙරුණු රුපියල් මිලියනයක චෙක්පතක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් අද ඒ මහතා වෙත පිරිනමා තිබෙනවා.
ඒ, ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා අමාත්‍යවරයා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත පැමිණි අවස්ථාවේදීයි.
එහිදී ගායික ගායිකා සංගමයේ පවතින ගැටලුවක්ද ලිපියක් මගින් ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානම් කර තිබූ අතර එම ලිපිය ඉෂාක් බෙග් මහතා විසින් අමාත්‍යවරයාට භාරදී තිබෙනවා.
ගීතවල ඇති අයිතිය ගායකයාට තහවුරු කර ගැනීම සඳහා මෙම ලිපිය යොමු කර ඇති බවයි ගායක ගායිකා සංගමයේ සභාපති රොහාන්ත සිල්වා මහතා පැවසුවේ.