Published
මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන්නේ දැයි සොයා බැලීමට පොලීසියට අයිතියක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කියාසිටියේ පොලීසිය එලෙස කටයුතු කිරීමට පියවර ගත හොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේවෙතත් පොලීසිය පැවසුවේ එලෙස මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලයක් ඇති බවයි.
ඒ අනුව නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් මගීන්ගෙන් ලිඛිත හෝ වාචික පැමිණිලි ලැබුණහොත් ඊට අදාළව පියවර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.




