විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන් යටතේ රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ හෙම්මාතගම ප්‍රාදේශීය රෝහල වෙත ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කල අදහස් දැක්වීම.

මේ පවතින ණය ගිවිසුම් සාකච්ඡා කළ අවස්ථාවේ IMF එක විදේශ ණය ගෙවීම 2033 සිට සිදු කළ යුතු වුවත් එය 2028 සිට ගෙවන්න හිටපු රජය තීරණය කළ බවත් එය වත්මන් රජයද ඒ ආකාරයෙන් පිළිගත් බවත් මේ යටතේ වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 4.5ක් ගෙවිය යුතු නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතුය යන මතයේ සමගි ජන බලවේගය සිටි බවත් මේ යටතේ පැටවු අසිමිත බර ලිහිල් විය යුතු බවත් මේ සුළි කුණාටුව නිසා ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වන බවත් මීටත් වඩා හානි වි ඇති නිසා මේ ණය කොන්දේසි ලිහිල් කර ගන්න රජයට කොන්දක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ යටතේ Patient Monitor 5ක් හා ECG Monitor යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු විය.

ලෝක ආර්ථික විශේෂඥයන් කියන ආකාරයට විදේශ ණය බර අඩු කළ යුතුය යන මත උපයෝගී කර ගෙන නව ගිවිසුමකට යා යුතු බවත් මේ මතය නිවැරදි නිසා එය පිළි ගෙන නව ගිවිසුමක් කරා යාමට රජය කටයුතු කළ යුතු බවත් රජයට මෙය කළ නොහැකි නම් විපක්ෂය එය සිදු කරන්න සුදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ කොන්දේසි එක්ක නම් ඉදිරියට යන්න බැ

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයන් පවා කියන ආකාරයට අප රටට ආර්ථික ණය සහනයක් ලැබිය යුතු බවට මත පළ කරන බවත් මොවුන් ණය කප්පාදුවක් ගැන කතා කළත් රජයට මේ ගනුදෙනු කරන්න කොන්දක් තිබිය යුතු බවත් මේ කොන්දේසි එක්ක රටට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ ණය ගෙවන එක යථාර්ථවාදී නැ

ණය ගෙවන්න නම් වේගවත් ආර්ථික වර්ධනයක් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් සෘජු විදේශ ආයෝජන පවා තිබිය යුතු බවත් මේ අවස්ථාවේ එය යථාර්ථයක් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනාරක්ෂිත ජනතාව නැවත පදිංචි කළ යුතුයි

මේ අවස්ථාවේ මිනිස් ජිවිත රැකගත යුතු බවත් සුළිකුණාටුව අවස්ථාවේ සහ ඉන්පසුව එම භූමිවලින් ජනතාව ඉවත් කළත් දැන් විද්‍යාත්මක හේතුවකින් තොරව නැවත ජනතාව කදවුරුවල සිට නිවෙස්වලට යොමු කරන බවත් මේ අවස්ථාවේ විය යුත්තේ අවතැන් ජනතාව යළි පදිංචි කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් නිවාස ඉඩම් ⁣ලබා දීම මෙන්ම ජීවනෝපාය කර ගෙන යාමට අවස්ථාව දිය යුතු බවත් දෙනවයි කියන අරමුදල් සහ සහන පවා නොලැබෙන බවත් රජයේ වගකීම වන්නේ මේවා හරියට ලබා දීම බවත් මේ ජනතාවගේ මානසිකත්වය ගැනපවා සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනවාරි සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික නැ

ජනතාවගේ සහ පාසල් දරුවන්ගේ මානසිකත්වය ගැන සිතිය යුතු බවත් මොවුන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකළ යුතු බවත් පාසල් ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා දූදරුවන් අසරණ වී ඇති බවත් රජයට අවශ්‍ය ආකාරයට ජනවාරි සිට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික නොවන නිසා සංවේදී වී මේ ගැනත් සිතන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් A/C කාමරවල සිට ඉලක්කම් කිව්වට ඒ ඉලක්කම් මහ පොළොවේ යථාර්ථයක් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කයිය ගැහුවා ඇති..දැන්වත් වැඩ කරන්න

රජය මේ අවස්ථාවේ ජනතාව අසරණ වී ඇති ආකාරය අවබෝධ කර ගත යුතු බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මේ ව්‍යසනය නිසා රැකි රක්ෂා 374000ක් අහිමිව වී ගොවිබිම් 23%කට තේ බිම් 35%කට බලපෑ ඇති නිස මසකට ඇ. ඩොලර් මිලියන 48ක ආදායම අහිමිව ඇති බවත් කුඩා තේ වතු හිමියන්ගේ පවා තේ ඉඩම් විනාශවූ නිසා රජය කයිවාරුවෙන් තොරව ක්‍රමයේ වෙනස අනුව වැඩ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.