Published
තිස්සමහාරාම, සාමගුලිය වැව අසල වගා ඉඩමක තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02ක් සහ ජීව පතරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී වාඩියක් තුළ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක්, ටී 56 පතරොම් 11ක්, එම් 16 පතරොම් 03ක් හා තවත් පතරොම් 03ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තිස්සමහාරාම පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.