Published
වත්මන් ආණ්ඩුවට එල්ල වන චෝදනාවලින් පැහැදිලි වන්නේ ආණ්ඩුව වැඩ කරන බව යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති 2026 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
ලැබූ අත්දැකීම් තුළින් වඩාත් ශක්තිමත්ව ඉදිරි අරමුණු කරා ගමන් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යවරිය එහිදී කියාසිටියා.










