Published
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2.4ක් දක්වා අඩු වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2. 7ක් ලෙස වාර්තා වුණා.
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 0.3කින් අඩු වී තිබෙනවා.
ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 4යි දශම එකක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 3.6ක් දක්වා අඩු වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 1.5ක් ලෙස නොවෙනස්ව පැවති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.




