අපරාධ හා මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් තීව්ර කර තිබෙනවා. ඒ යටතේ ඊයේ දිනයේද දිවයින පුරා මෙහෙයුමක් සිදු කළ බවයි පොලීසිය පැවසුවේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේද දිවයින පුරා වැටලීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම වැටලීම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 09යි ග්‍රෑම් 555ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මේ අතර, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ දිනයේද ක්‍රියාත්මක කළ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී පුද්ගලයින් 27,982ක් පරික්ෂා කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 648ක්.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු හඳුනාගත් බවද පොලීසිය පැවසුවා.
දිවයින පුරා සිදු කළ එම වැටලීමේදී වරෙන්තුකරුවන් 230 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 27 දෙනෙකුද අපරික්ෂාකාරී රිය පැදවූ රියදුරන් 15 දෙනෙකුද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් තවත් රියදුරන් 3,557 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.


