“පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනව කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ.

එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩරෝගත් තියෙනවා.

ලගදි සොරබොර වැවට ළමයි 15 ක් විතර උදේට යනවා මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස අපි වෙනම ගාඩ් එකක් දාල තියෙන්නේ.

මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15 ක ළමයෙකු ඒඩ්ස් වලට ගොදුරුවූ බව ලගඳි අනාවරණය වුනා.

අවුරුදු 16 ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ. ”

බදුල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි ජී.ඩබ්ලිව්.බී.එස් පළිපාන මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ පැවැති වැඩසටහනකට සහබාගිවෙමින් මේ බව පැවසුවා.

ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩල සාමාජිකන් දැනුවත් කිරීම සදහා ඌව සායනික සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

එහිදී සහකාර පොලිස් අධිකාරි පළිපාන මහතා මෙසේ පැවසුවා.

“මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ.

ගැහැණු ළමයි සුදුවෙලා අමුතුයි හිතාගන්න බැරි සුදක් තියෙන්නේ.

මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ.

රූප ලාවනය වටල ගිහින් ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා.

වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසි වලින් හිතුමතේට නිකුත් කරනවා.

ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පහැපත්බව නැතිකරගන්නවා.

සුදුවෙන්න ගිහින් ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා

මොන හේතුවක් නිසා එහෙම වෙනස්වෙන්න උත්සාහ කරනවා දැයි දන්නේ නැහැ.

ක්‍රීම් වර්ග භාවිතා කරල සමහර අයගේ මුණවල් වලින් ගන්න දෙයක් නැහැ විරුපී වෙලා.

පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනව කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ.

එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩරෝගත් තියෙනවා.

සොරබොර වැවට ළමයි 15 ක් විතර උදේට යනවා කියල දැනගන්න ලැබුණා ඒ නිසා අපි ඒ ප්‍රදේශයට ‍වෙනම ගාඩ් එක්ක දාල තියෙන්නේ.

මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15 ක ළමයෙකු ඒඩ්ස් වලට ගොදුරුවූ බව ලගදි අනාවරණය වුනා.

අවුරුදු 16 ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ.

රූපලාවන්‍ය වලට ගිහින් ගෙවල් වල ප්‍රශ්න ඇතිවෙලා පොලිසියට සමහ අය එනවා .

ස්වාමිපුරුෂයාය හම්බකරන මුදල බිරිදගේ රූපලාව්‍ය කටයුතු සදහා අසීමිත ලෙස වියදම් කරලා මේ ප්‍රශ්ණ ඇති වූ බව විමර්ශන වලදී අනාවරණය වි තියෙනවා.”

බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා විශේෂ දේශනය පවත්වමින් කියා සිටියේ වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිතා කරන ඇතැම් රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා බොහෝ දෙනක් අතුරු ආබාධයන්ට ලක්වන බවයි.

මේ අයුරින් බදුල්ල ශික්ෂණ රෝහලේ සායන වලටද පැමිණෙන කාන්තාවන්ගේ වැඩිවීමක් තිබෙන බවද ජයසිංහ මහතා පැවසුවා.

“මෑතකදී චර්මරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනයත් මැදිහත්විම මත අනුමන විශේෂ ඖෂධ හැරෙන්න අනෙක් ආලේපන තහනම් කරල තියෙන්නේ. කෙසේනමුත් වෙළඳ පොළට හොර රහසින් ආපු මෙවැනි ආලේපන තිතෙනවා.”