Published
පවතින අධික වැසි සහ ආපදා හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පුද්ගලයින් 747 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පුද්ගල මරණ දෙකක් හා අර්ධ නිවාස හානි 152ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ.
වර්ෂාව නිසා අධික වැසි සමග ජල පහරට හසුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු සහ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 50 පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.


