අවශ්‍ය තරම් ආහාර තොග රටේ පවතින බැවින් අනවශ්‍ය ලෙස ආහාර එක්රැස් කිරීමෙන් වලකින ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමයේ හිගයකින් තොරව ආහාර ලබා දිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

උත්සව සමයට පෙර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් මෙරට ගෙන්වීමට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ.