බස් රථවල රියදුරු අසුනේ ආරක්ෂිත පටිය සවිකර ගැනීමට නොහැකි නම් එවැනි පුද්ගලයින් බස් රථ කර්මාන්තය වෙනුවට වෙනත් ව්‍යාපාරයක් සොයා ගැනීම සුදුසු බවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය හෙලාදකින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් රථවල රියදුරන්ට ආසන පටි අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු පවතින බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉකුත්දා සිදුකල ප්‍රකාශයයි මේ.

අදාළ ප්‍රකාශයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.