සිදුව ඇතැයි පැවසෙන ගල් අඟුරු වංචාවට අදාළව බලශක්ති අමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළ ආණ්ඩුව ගල් අඟුරු වංචාවට වගකිව යුත්තන් ආරක්‍ෂා කිරීමට පෙනී සිටි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.