අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මිලියන 200කට අධික ජනතාවක් දැඩි සීතල සඳහා නිකුත් කෙරුණු අනතුරු ඇඟවීම් මධ්‍යයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින දෙකක් තුළ ගුවන් ගමන්වාර 16,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
විදුලි පාරිභෝගිකයින් හත් ලක්ෂ 50,000කට පමණ තවමත් විදුලිය විසන්ධි වී තිබෙනවා.
වාර්තා වී ඇති මරණ ගණන නිශ්චිත නොවන නමුත් ප්‍රාන්ත කිහිපයක අවම වශයෙන් 12 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අමෙරිකානු ජාතික කාලගුණ සේවයට අනුව පසුගිය පැය 243 තුළ ඊසානදිග ඇතැම් ප්‍රදේශවලට අඟල් 20කට වැඩි හිම පතනයක් සිදුව තිබෙනවා.
මෙම සතිය තුළ තවත් සැලකිය යුතු ශීත කුණාටුවක් නැගෙනහිර එක්සත් ජනපදයට බලපෑ හැකි බවටයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ.
නිව්යෝර්ක් නගරයේ පුද්ගලයින් 08 දෙනෙකු අයහපත් කාලගුණයෙන් මියගොස් ඇති අතර නිව්යෝර්ක් මධ්‍යම උද්‍යානයේ සඳුදා උදෑසන වන විට අඟල් 24ක හිම පතනයක් වාර්තා වූ බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපොළට අඟල් 18යි දශම එකක හිම පතනයක් පසුගිය ඉරිදා දිනයේදී ලැබී තිබුණු අතර එය එම ප්‍රදේශය සඳහා නව වාර්තාවක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
පවතින තත්ත්වය හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර, මහා මාර්ග සහ ගුවන් තොටුපොළ රැසක කටයුතු ඇනහිට තිබෙනවා.
අධික හිම පතනය හේතුවෙන් ධවන මන්දිරයද හිමෙන් වැසී ගොස් තිබුණ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.




