පවත්නා තත්වයන් යටතේ විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුව නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

දැනට සැලසුම් කර ඇති ආකාරය අනුව අළුත් අවුරුදු සමය දක්වා ගැටළුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම ලබාදිය හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මැදපෙරදිග යුද ගැටුම් සමග මෙරට තුල මතුව ඇති තත්වයන් පිළිබඳ කරුණු දැක්වීම සඳහා ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සවස 6 - 10 කාල සීමාව තුල විදුලි වාහන බැටරි ආරෝපනය සිදු නොකරන ලෙස විදුලි වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.