Published
සමගි ජන බලවේගයට බලය හිමි පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන අක්රමිකතා පිළිබද සොයා බලා වාර්තා කිරීමට විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.
ඒ, මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය සුරංග ප්රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව ඊයේ සිට ක්රියාත්මක වන පරිදි එම ප්රාදේශීය සභාවේ කටයුතු ද අත්හිටුවා තිබෙනවා.
කෙසේවෙතත් එම ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ බලතල ක්රියාත්මක කිරීමටත් කාර්යය ඉටු කිරීමටත් මහනුවර දිස්ත්රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජී.එල්. අත්තනායක මහත්මිය පත්කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.




