Published
කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සහ කොළඹ අවට ප්රදේශ කිහිපයකට අද දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
අද පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය පැවසුවේ.
බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල යන ප්රදේශවලට ද එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. එමෙන්ම කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම හා බොරලැස්ගමුව යන ප්රදේශවලට ද එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කළේ.
අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබාගන්නා ප්රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් එම ජල කප්පාදුව සිදුවන බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.




