ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මොහොමඩ් කිරිකේ සහ කැමරා ශිල්පීන් වන ඊබ්‍රාහිම් සාහර්, මොහොමඩ් නූෆල් සහ මොමෙන් අලිවා යන අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ සවස ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත පිහිටි කූඩාරමකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඝාතනයට ලක්වීමට සුළු වේලාවකට පෙර, 28 හැවිරිදි අල් ජසීරා වාර්තාකරුවෙකු වන අල්-ෂරීෆ්, ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව X සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබෙනවා. මේ අතර මෙම ඝාතන සම්බන්ධයෙන් "ප්රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්" ලෙස අල් ජසීරා මාධ්‍ය ජාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. අල් ජසීරා වාර්තාකරු හනී මහමුද් පැවසුවේ, මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුවේ ගාසා තීරයේ පලස්තීනුවන් විඳිමින් සිටින කුසගින්න සහ මන්දපෝෂණය පිළිබඳ ඔවුන්ගේ නොනවතින වාර්තාකරණය නිසා බවයි. මේ හේතුවෙන් ගසා තිරයේ සිටින මාධ්‍යවේදීන් මාස ගණනාවක් තිස්සේ තර්ජනයට ලක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල අවිවලින් ඝාතනයට ලක් වූ මාධ්‍ය සේවකයින් 230 ක් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ අතර මෙම ඝාතන සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ජාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම ඝාතනය "ප්රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්" ලෙසයි.
Published