වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිමුතුගම ග්‍රාම නිලධාරී වසමේ ජනතාව මුහුණපා සිටින මහජන පීඩාවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු වනාවරණ කරනවා.

දිමුතුගම ගම්මානය අත්කම් නිවාස යෝජනා ක්‍රමයක් වන අතර පර්චස් 40ක පමණ ඉඩම් කැබ කැබලි වල පවුල් සිය ගණනක් පදිංචිව සිටිනවා.

එතරම් ජනාකීර්ණ ගම්මානයක් මැද පවත්වාගෙන යන කුකුළු ගොවිපලක් නිසා ප්‍රදේශයේ ජීවත්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

රජයෙන් ලබා දී ඇති ඉඩම් හිමිකම් ඔප්පු වලද මහජන පීඩාකාරී ක්‍රියාවන් නොකරන ලෙස ලිඛිතව දන්වා ඇතත් එය කඩදාසියද පමණක් සීමාවී තිබෙනවා.

මහජනතාව පීඩාවට ලක්වෙන බව පැවසෙන මෙම ස්ථානය පිළිබඳ විධිමත්ව විමර්ශනයක් සිදු කර කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීමක් ඒ පිළිබඳ නෙත්සැරය විමසිල්ලෙන්.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.