Published
ණය ආපසු නොගෙවූ පුද්ගලයින් විසින් ඇප වශයෙන් තබා ඇති වත්කම් බැංකු වෙත අත්පත් කර ගැනීමට අවස්ථාව හිමිවන “පරාටේ නීතිය” යළි සක්‍රීය කිරීමට ගෙන ඇතී තීරණය යළි වෙනස් නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කෙසේවෙතත් ගැටලුවලට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට බැංකු මගින් සහන සැලසීමට රජය මැදිහත් වෙමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම මස පළමුවනදා සිට පරාටේ නීතිය යළි සක්‍රිය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පීඩාවට පත්වන බවට ඇතැම් පාර්ශවයන් පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.