ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ AI Impact 2026 සමුළුව ඇමතීමට නියමිතයි.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ඉන්දියාවේදී පැවැත්වෙනවා.
මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.
දින 05ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact 2026 සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 17 වනදා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
මේ අතර ඉන්දියාවට පැමිණි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඊයේ දිනයේ පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.




