Published
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කලපු ප්රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරු ගමන් කරමින් සිටි ඩිංගි යාත්රාවේ තිබි බීඩි කොළ කිලෝග්රෑම් 620 කට අධික ප්රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදි නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ මීගමුව, පමුණුගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු, ඩිංගි යාත්රාව සහ බීඩි කොළ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.




