Published
රුසියාවේ පළමු නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්තුරොව් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර ආරක්ෂක සහ උපායමාර්ගික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු තානාපති කාර්යාලය පවසයි. තානාපති කාර්යාලයට අනුව ද්විපාර්ශ්වික හමුදා-තාක්ෂණික සහයෝගීතා රාමුව යටතේ සාකච්ඡා පුළුල් පරාසයක ආවරණය විය. සිවිල් ගුවන් යානා නිෂ්පාදනය, ලෝහ විද්‍යාව සහ රසායනික කර්මාන්තය ඇතුළු අනෙකුත් උපාය මාර්ගික අංශවල ඒකාබද්ධ ව්‍යාපෘතිවල ප්‍රගතිය ද දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී. මැන්ටුරොව් සමඟ හමුවීමට දිනකට පෙර අජිත් දෝවාල් රුසියානු ජනාධිපති පුටින් සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු ද හමුව තිබේ.