ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ, අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 150 කින්.

එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,250 ක් වන බවයි එම සමාගම පැවසුවේ.

මේ අතර කිලෝග්‍රැම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 65 කින් ඉහළ දමා තිබෙනවා.

එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,710 ක් වන බවයි ලාෆ්ස් සමාගම පැවසුවේ.