Saturday, May 10, 2025

General line - 0115112241

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජනතා අයිතියට



විගමණික ප්‍රජාව වෙත පහසුකම් රැසක් සලසමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින්.

කටාර් රාජ්‍යයේ රැකියාව සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු ලියාපදිංචි කිරීමෙන් පසු නව මධ්‍යස්ථානයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කෙරුණා.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ ඉල්ලීම පරිදි, මොණරාගල, බිබිල පාර, හුලංදාව යන ස්ථානයේ මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.