Saturday, May 17, 2025

General line - 0115112241

පාන් ගෙඩියක් 130කට අලෙවි කළ යුතුයි - පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්



ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය දැනුම් දෙනවා.

එමෙන්ම එම මුදල ප්‍රදර්ශනය කළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ පැවසුවේ.


ඒ අනුව එලෙස කටයුතු නොකරන වෙළඳුන්ට අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.