තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරු සඳහා මැයි මාසයේදීම බඳවාගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කරනු ඇති බවයි.
රටේ විවිධ ප්‍රදේශවල සිදුවන පුද්ගල ඝාතන සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
අමෙරිකාව පැනවූ බදු සම්බන්ධයෙන් එරට සමග සිදුකල සාකච්ඡාවල ප්‍රගතිය පිලිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.